ස්ටීමර් පොල් කේක් – සීනි වලින්
😊😊අවශ්‍ය දෑ😊😊
*සාමාන්‍ය පොල් ගෙඩියක පොල් . (600 g පමන)
*සීනි කෝප්ප 02 ක්. (400 g)
*පිටි කෝප්ප 01 ක්. ( 130 g)
*තෙල් මේස හැදි 03 ක්.
*බේකින් පවුඩර් තේ හැදි 1 1/2 ක්.
*බිත්තර 03 ක්.
*වතුර කෝප්ප 01 ක්. ( 240 ml )
*එනසාල්, කරාබු නැටි, කුරුදු කුඩු තේහැදි01ක්
*වැනිලා තේ හැදි 01 ක්.
😀😀සාදන ආකාරය😀😀
*මුලින්ම පැනි පොල් එක හදාගන්න ඕන.සීනි ටික කැරමල් කරලා, ඒකට වතුර ටික දාලා පොල් එකතු කරගෙන පැනි පොල් එක හදාගන්න. එනසාල්, කරාබු නැටි කුඩු ත් මේකටම එකතු කරන්න ඕන. (මේ පැනි පොල් එක ටිකක් දියාරු ගතියට තමා තියන්නේ..)
*දැන් පැනි පොල් ටික හොදටම නිමෙන්න තියන්න.
*වෙනම බෝල් එකකට බිත්තර ටික දාලා හොදට වික්ස් කරගන්න. (ගෑරුප්පුවක් ගන්න.) දැන් මේකටම පිටි ටික ටික එකතු කරමින් වික්ස් කරන්න. දැන් තෙල් ටිකත්, වැනිලා ටිකත් එකතු කරන්න.
*අවසානයට අපි නිමෙන්න තිබ්බ පොල් පැනි ටික ටික එකතු කරනගමන් හොදට කලවම් කරන්න… බේකින් පව්ඩර් ටිකත් එකතු කරගන්න.
*දැන් කලින් තෙල් කොලයක් දාලා ලෑස්ති කරගත්ත තැටියකට පොල් කේක් මිශ්‍රණය දාගන්න.
*මන් මේක හුමාලයෙන් තමා බේක් කරේ.. සාමාන්‍ය ටිකක් ලොකූ බාජනයකට වතුර ටිකක් දාලා මන් ඒක කලින් විනාඩි 10 ක් වගේ ටිකක් වැඩි ගින්නේ රත් කරගත්ත. ඊට පස්සෙ පොල් කේක් මිශ්‍රණය ඇතුලින් තියලා ගින්දර අඩු කර ගත්තා. (පොල් කේක් මිශ්‍රණය සුදුසු පියනකින් වහලා,වතුර පුරවපු ලොකු බාජනයත් වහ ගන්න ඕන..)
*විනාඩි 50 ක් පැයක් වගේ තමා මට බේක් කරගන්න ගියේ. (ඔයාගෙ බාජනය, ගින්දර පාලනය අනුව වෙලාව වෙනස් වෙන්න පුලුවන්. විනාඩි 40කින් වගේ ටූත් පික් එකක් ගහලා බලන්න.)
Kitchen SL